News - Advertisements


Data නිදහස්

ශ්‍රී ලංකාවේ බැංකුකරණ ඉතිහාසයේ පලමු වරට හඳුන්වා දෙන මෙම සේවාව පිලිබඳව වැඩි විස්තර පහත පරිදි වේ.

1. SLT Mobitel Mobile පෙර ගෙවුම් සහ පසු ගෙවුම් ජංගම දුරකථන සබඳතා හිමියන්ට පමණක් මෙම පහසුකම අදාල වේ.

2. මෙම පහසුකම 2024 පෙබරවාරි 4 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා තෙක් වසර පුරාවටම ක්‍රියාත්මක වේ.

3. දත්ත භාවිතය (Data usage) සඳහා කිසිදු අය කිරීමකින් තොරව පහත සඳහන් Apps සහ HNB වෙබ් අඩවි වෙත පිවිසීමේ/ ගනුදෙනු කිරීමේ හැකියාව මෙමගින් ඔබට හිමිවේ.

* HNB Digital Banking App
* HNB Digital Banking Website
* HNB SOLO App
* HNB SOLO Merchant App

4. එමෙන්ම, ඔබගේ ජංගම දුරකථන ගිණුමේ ශේෂය ප්‍රමාණවත් නොවීම, Data පැකේජය අවසන් වීම හෝ ණය සීමාව ඉක්මවීම වැනි හේතූන් මත දුරකථන සමාගම විසින් ඔබගේ Mobile Data සේවාව අත්හිටුවා ඇති අවස්ථාවක වුවද, ඉහත කී Apps සහ වෙබ් අඩවි වලට පිවිස ගනුදෙනු කිරීමේ/ බිල්පත් ගෙවීමේ සුවිශේෂී හැකියාව මෙහිදී ඔබට හිමිවේ.

5. දුරකථන සමාගම විසින් ඔබගේ සබඳතාවය මුළුමනින්ම විසන්ධි කොට (Permanently Disconnected) ඇති අවස්ථාවලදී හෝ ඔබ දුරකථන සංඥා ආවරණ කලාපයෙන් බැහැරව ඇති අවස්ථාවලදී මෙම පහසුකම ලබාගත නොහැක.

6. මෙම සේවාව හැටන් නැෂනල් බැංකුව, SLT Mobitel සමාගම හා එක්ව Digital ගනුදෙනු දිරිමත් කිරීමේ අරමුණින් නොමිලයේ, ස්වකැමැත්තෙන් ලබාදෙන අමතර පහසුකමකි. එබැවින් යම් තාක්ෂණික ගැටලු මත කිසියම් විටෙක මෙම පහසුකම අත්විඳීමට නොහැකි වීම හෝ අපේක්ෂිත ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳව කිසිදු හානිපූර්ණයක් සිදුකිරීමට හැටන් නැෂනල් බැංකුව හෝ SLT Mobitel සමාගම් බැඳී නොසිටී.

7. නොමිලේ ඔබ වෙත ලබා දෙන මෙම අමතර පහසුකම අවශ්‍ය ඕනෑම විටෙක අත්හිටුවීමේ අයිතිය හැටන් නැෂනල් බැංකුව හෝ SLT Mobitel සමාගම සතුවේ.